කේසීගේ කුටියේ සයිබර් අපරාධය (Cyberbully) හා Covid- 19 නිරෝධායන සමය

නවයොවුන් කේසි ජේකබ්ස්ගේ පරිගණකයට එකවරම හැකර්වරයකු ඇතුළු වන අතර ඔහුගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළහොත් ඇගේ පෞද්ගලික ඡායාරූප සමාජ මාධ්‍යයන්ට මුදාහරින බවට තර්ජනය කරයි. මානසික අවපීඩනය සහ ආත්ම අභිමානය පිළිබඳ හැඟීම හේතුවෙන් සියදිවි නසා ගැනීමට ඇය සිතයි. මේ වන විටත් ඇගේ පාසල් මිතුරියක වන ජෙනිෆර් ලීගේ සමාජ මාධ්‍යයක වීඩියෝ පටයකට කේසී සහ මිතුරන් කළ අයපත් ප්‍රතිචාරය නිසා ඇය සියදිවි නසා ගෙන තිබේ. මෙහිදී අපරාධ ගොඳුරක් වූ  පහළොස් හැවිරිදි අමන්ඩා ටෝඩ්ගේ මියයාම (2012) පාදක කොට ගෙන ඇති බව පෙනේ. සිය නිදන කාමරයේ පැයක පමණ කාලයක් පරිගණක තිරයේ හැකර්වරයා සහ කේසී එකිනෙකා වරදකරු මෙන් ම වින්දිතයා බවට පත්වෙයි. (cyberbully 2015)

වත්මන් තත්වය, කේසීගේ කුඩා කාමරයකට අපි සිර වීමයි. පුංචි වෛරසයක් විසින් අපගේ ජීවිත තර්ජනයට ලක් කරමින් පාලනය සියතට ගෙන තිබේ. තිර කාලයට (screen time) වැඩි අවස්ථාවක් හිමි වීම නිසා සයිබර් අවකාශය සැරිසැරීම අවශ්‍යතාවය බලපෑම්කාරී වී ඇත්තේ, ළමුන් සහ යෞවනයන් වෙත ය. සමාජ දූරස්ථකරණයත් සමඟ ලොව පුරා බිලියන 1.5කට අධික ළමුන් මෙන්ම යෞවන පාසල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය බිඳවැටීමට පිළියමක් ලෙස නව අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැඟමින් අතථ්‍ය වේදිකාවක් (virtual platform) නිර්මාණය කර දී තිබේ.

එහෙත් මෙ’සමයේ වඩාත් බලපෑම්කාරී වන ගෘහස්ථ හිංසනය, මූල්‍ය වංචා, ළමා ලිංගික අපයෝජන මෙන් ම සයිබර් අපරාධවල ඉහළ යාමක් දැක ගත හැකිය. රටවල් වසා දැමූ පළමු සති කිහිපය තුළ සයිබර් භාවිතයේ වර්ධනයක් වූ අතර අධ්‍යයන කටයුතු සඳහා තිරකාලය ගත කිරීමේ දී ඊට ළමුන් සහ යෞවනයන් අනවශ්‍ය ලෙස නැඹුරු විමේ අවදානම වැඩි විය. මේ නිසා ඔවුන් සමාජ මාධ්‍යය භාවිතයට, මාර්ගගත ක්‍රීඩා (online game), බ්ලොග් භාවිතය, වීඩියෝ සහ සමූහ චැටින් ආදියෙහි ගැවසෙන අතර නිතර හිරිහැරවලට මුහුණ දීම මඟින් ඒවා සාමාන්‍ය හැසිරීම් ලෙස දැකීමට ඔවුන් පෙළඹෙයි.

සයිබර් හිරිහැර අන්තර්ජාලයේ ඕනෑම තැනකදී, ඕනෑම හේතුවක් පදනම් කර ගනිමින්, විවිධ අයුරින් සිදුවිය හැකි ය. නම් කිරීම, විහිළු කිරීම, ඡායාරූප, වීඩියෝ හා පෝස්ට් පල කිරීම, මුදල් වංචා කිරීම, බල කිරීම, කට කතා පැතිරවම, වෛරීය අදහස් සමාජගත කිරීම, පුද්ගලික තොරතුරු හෙළි කිරීමේ සිට මරණ තර්ජන කිරීම, ලුහුබැඳීම දක්වා ඕනෑම දෙයක් මේ හරහා සිදුවිය හැකි ය. ඒ සඳහා පහසුම හා ප්‍රසිද්ධම වේදිකාව බවට සමාජ මාධ්‍ය අද පත්ව තිබේ. Snapchat, Facebook, Instagram, Twitter, WhatsApp, Video chat sites, Tumblr, Tik tok ආදිය භාවිතය මේ වන විට ඉහළ අගයක් ගෙන තිබේ.

සයිබර් හිරිහැරවලට වයස අවුරුදු 6 සිට 18 දක්වා ළමයි, යෞවනයන් වැඩිවශයෙන් ගොඳුරු වේ. ඒ විවිධාකාර හේතු වල බලපෑමෙනි. මෙරට අගුළු ලා පළමු කාලය තුළම සයිබර් හිරිහැර ආශ්‍රිත පැමිණිළි 40000කට අධික සංඛ්‍යාවක් වාර්තා කළ බව සදහන් ය. ඒවාගෙන් බොහොමයක් සමාජ ජාල හරහා සිදුවූ අපරාධ වේ. කුඩා ළමුන් යොදා ගනිමින් වෛරීය අදහස් සහිත වීඩියෝ පට සමාජජාලවලට මුදා හැරීම, ඉන්දියාවෙන් වාර්තා වූ ‘’bois locker room’’  සිදුවීම, ආදිය සැළකීමේ දී, ළමුන් සහ යෞවනයන් කෙරෙහි නිරෝධායන සමයේ වඩා අවදානය යොමු කළ යුතුව තිබේ. මේ නිසා ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම මෙන්ම, ආත්ම අභිමානය බිඳවැටීම සිදු විය හැකිය. එය සියදිවි නසා ගැනීම දක්වා දුරකට යා හැකිය. යුනෙස්කෝ සංවිධානය පවසන්නේ මෙවැනි අන්තර්ජාලය භාවිතයෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත දරුවන්ගේ ජීවිත  හානි විය හැකි බවයි. සමාජ මාධ්‍යය ඔස්සේ හිරිහැරවලට ගොඳුරු වූ Megan Meier (2006) ගේ සිට මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ Manav Singhගේ මරණය දක්වා ලොව පුරා ළමුන් සහ තරුණයන් විශාල සංඛ්‍යාවක්  සියදිවි නසාගෙන තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකට අනුව තරුණයන් අතරින් තිදෙනෙකුගෙන් එක් අයකු කිසියම් සයිබර් ගොඳුරක් වීම හෝ වරදකරුවකු වී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් සියදිවි හානි කර ගැනීම වැළැක්වීම පිළිබඳව වැඩි අවධානයක් ලබා දිය යුතු බවයි.

      

සයිබර් හිරිහැරවලට ගොඳුරුවන්නන් සාමාන්‍ය තරුණයන් පමණක් නොවේ, ලෝකප්‍රකට පුද්ගලයන්, තරු සමාජ මාධ්‍ය මඟින් හිරිහැරවලට ලක්වන බව පෙනේ. ප්‍රතිරූප හානි කිරීම, කටකතා පැතිරවීම, පෞද්ගලික ජීවිතයට අත පෙවීම් ආදිය දැකිය හැකිය. Lexi Rabe,

https://www.instagram.com/p/By_RlAKhLaR/?igshid=37finxtcjuqy

Selena Gomaz, Justin Bieber, Lorde, Caroline Flack, Emma Wotson ආදී බොහෝ ළමා, තරුණ වින්දිතයන් ඒ අතර වේ. සයිබර් හිරිහැර නිසා සියදිවි නසා ගත් තරු අතර Sulli, Goo Hara (2019), Caroline Flack (2020 පෙබරවාරි) මැතකදී වාර්තා වූ ප්‍රසිද්ධ සිදුවීම් ය.

   මින් සිදුවන නරකම දෙය නම් ඒ හරහා ඡාතිවාදී, ආගම්වාදී වෛරීය අදහස් පැතිරවීම පහසු වීමයි. මේ නිසා ළමුන් මෙන්ම යෞවනයන්ගේ අදහස් තර්කානුකූල නොවන, මානුෂික නොවන ස්ථාවරයන්ට එළඹෙනු ඇත. covid-19 ව්‍යාප්තියත් සමඟ ලොව පුරා සමාජ මාධ්‍ය තුළත්, ඇතැම් නව වීඩියෝ ගේම් මඟිනුත් චීන විරෝධී  රැල්ලක් ද ඇති කරමින් තිබෙන බව පෙනේ. අනාගතය වෙත පහසුවෙන් වෛරය මුදාහරින වේදිකා නිර්මාණය වී ඇති අතර වෛරසමය වසංගතයකට සමාන, බලපෑම්කාරී මානසික හානියක් බහුතරයකට සිදුවිය හැකිය. ඒ තුළ බොහෝ ළමුන්, යෞවනයන් ද වෙයි.

 https://www.bbc.com/news/technology-52461453

https://m.facebook.com/story.php?story_fbid=1061873134209525&id=100011605452360

 

‘’ අන්තර්ජාලය ලෝකයට වැඩි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ස්ථානයක් ලෙස භාවිත කළ හැකිය. එහි ධනාත්මක මුලපිරීම් රාශියක් ඇත. වෙබ් භාවිත කළ යුත්තේ අන්අයට ආශ්වාදයක් ලබා දීමට මිස වෛරය පැතිරවීමට හෝ අන් අය රිදවීමට නොවේ.’’ – පොප් ගායක ජස්ටින් බීබර්

  කේසීගේ කුටියේ සිට අප මොහොතින් මොහොත ඉවතට ඇඳී යමින් සිටියි. පරිගණක තිරය වැසෙයි. කුටියේ දොර විවර වෙයි. ඈ හඬමින් දොර අසල වැටෙයි. මහ හඬින් පියා වෙත අමතයි. පියා වහා දුව එනු ඇසේ. ඔහු ඈව ආදරයෙන් වැළඳගනු ඇත. ඈව යහපත් සමාජානුයෝජනයක් සඳහා සූදානම් කරනු ඇත. ඇගේ අධ්‍යාපනයට සහය වනු ඇත. ඒ සඳහා අනතර්ජාලයේ උපකාර ලබාගැනීම පිළිබඳ දැනුවත් කරනු ඇත. ඒ සඳහා මඟපෙවීමක් කරනු ඇත.

කේසී, කේසීගේ ලොවට අලුතින් පිවිසෙනු ඇත!     

 

                                                                                                                                  

                                                                                                           –  දර්ශනී රත්නායක

 

 

 

Comments are closed.